Gossips

තංගල්ලේ දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට (ඡායාරූප)

තංගල්ල – මැදකැටිය මාර්ගයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි බෙලිඅත්ත පාර – තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.