බැඳුම්කර සහ බරපතල වංචා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේදී තමන් ඊට අදාළව කරුණු දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද පෙරවරුවේ පැමිණීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තද එක්වුණා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන රැළියක් වෙන්නප්පුව – බෝතලේගම ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
මෙවර පළාත්පාලන ඡුන්ද විමසීමේදී ජනතාව ඡන්දය භාවිත කළ යුත්තේ ව්‍යවස්ථාවෙන් රට බෙදීමට එරෙහිව බව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.