Gossips

පුරා විද්‍යා විනාශයට එරෙහිව සාධාරණය ඉල්ලයි (ඡායාරූප)

පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජාතික විද්වත් සංඝ සභාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී.මණ්ඩාවල වෙත අද සංදේශයක් භාර දෙනු ලැබුවා.
පසුගියදා ඉපලෝගම – විජිතපුර ප්‍රදේශයේදී පුරාවිද්‍යා වටිකාමකින් යුත් ප්‍රදේශයක් ඩොසර් කර විනාශ කර තිබීම එහි ආසන්නතම සිදුවීමයි.
මේ අතර, පොළොන්නරුව රාජධානියට අයත් ඉපැරණි පිටත ප්‍රාකාර බැම්මේ ගල් ගැලවී ගොස් ඇති බැවින් එය සංරක්ෂණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් පුරාවිද්‍යා බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පූජා නගරයට ඇතුළු වන ස්ථානයේ මෙම ඉපැරණි ප්‍රාකාරය පිහිටා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ දිනවල ඒ ආසන්න මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.