Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩිවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී අද එක්වෙමින් ඔහු කියා සිටියේ ඔක්ටේන් 92 වර්ගයේ ඞීසල් ලීටරයක මිල රුපියල් 20 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් විස්සකින් වැඩිවන බවයි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙතෙක් රුපියල් 117 ක මිලකට අලෙවි වූ අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 137 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ ඩීසල් ලීටරයක් මෙතෙක් රුපියල් 128 කට අලෙවි වූ අතර, මිල වැඩිවීමත් සමග එහි නව මිල රුපියල් 148 ක් වනවා. ඔ
ටෝ ඞීසල් ලීටරයක් රුපියල් 14 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් වැඩිවන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 95ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 109 දක්වාත් රුපියල් 110 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 110 දක්වාත් ඉහළ යනවා.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 57 කින්.
භූමිතෙල් ලීටරයක් රුපියල් 44 ක මිලකට මෙතෙක් අලෙවි වූ අතර, මිල සංශෝධනයත් සමඟ එහි නව මිල රුපියල් 101 ක් ලෙස සටහන් වනවා.
මේ අතර මිල සූත්‍රය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවක්ද කැඳවා තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථාව ලබන අධික අලාභය සළකා අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් වත් ඉහළ දැමිය යුතු බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.