Gossips

අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

නිරිතදිග මෝසම් වැසි සමයත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්ත්වය වළක්වාගැනීමේ අරමුණින් අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැගෙනවා.
බස්නාහිර, සබරගමුව යන පළාත් සහ මඩකලපුව දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 ක් පමණ එක් කර තිබෙනවා.
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 17500 ක් පමණ වාර්තාවී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී සියයට 60 ක අඩුවීමක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.