Gossips

අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වැසි ඇතිවනවිට එම ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගොවිපලක වැඩ කරමින් සිටියදී මෙලෙස ඊයේ පස්වරුවේ මියගොස් ඇත්තේ ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.
එමෙන්ම මින්නේරිය – කටුකැලියාව ප්‍රදේශයේදීද අකුණු සැර වැදීමෙන් කුඹුුරක වැඩ කරමින් සිටි 69 හැවිරිදි සිව්දරු පියෙකු මියගියා.