Gossips

ජනතාව දුන් බලය ආණ්ඩුව අයුතු ලෙස භුක්ති විඳිනවා – අනුර කුමාර

ජනතාව ලබාදුන් බලය වත්මන් පාලකයින් අයුතු ලෙස විඳිමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනාව සිදුකළේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ජන හමුවකදී.
අනුර දිසානායක
– 2017 අගෝස්තු මාසේ, තෙල් නැව් 23 ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. තේරුණේ මැක්ලරන්ස් කියන සමාගම. මේක විශාල මිලදීගැනීමක් නිසා මේක කැබිනට් මණ්ඩලයට දාන්න ඕනේ ඇමති අර්ජුන රණතුංග. අර්ජුන රණතුංග මේක කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය ගන්නේ නැහැ. ටෙන්ඩරය පැත්තකින් තියලා කෙටිකාලීන ටෙන්ඩර්වලින් තෙල් ගත්තා නැව් 23 ක්. තෙල් සංස්ථාවට ඇති වී තිබෙන පාඩුව රුපියල් කෝටි 1400 යි. මේ ළඟදි රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට යන්න කාර් දෙකක් ගෙනාවා. කෝටි 60 යි. කෝටි 30 ක වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් තරම් රටක්ද මේ. මේ ගොල්ලෝ බලය විඳිනවා. බලයෙන් ජොලි කරනවා. බලය එන්ජෝයි කරනවා. දැන් අපිට විශාල ආන්දෝලනයක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එකට දෙකෝටි තිස් ලක්ෂයක් ගෙවනවා නිකන් කියලා. මාස 10 ක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන්නේ මොකක්ද දන්නවාද? රට හැදුවා වගේ ගම හදන්න දෙන්න. ආර්ථිකය හැදුවේ නැහැ. ආර්ථිකය විනාශ කළා. නිෂ්පාදන කඩා වැට්ටුවා. ජාතික සම්පත් විකුණුවා. අනිත් ජාතික සම්පත් ටිකත් විකුණනවා. රට විනාශ කරපු රනිල්ට පුළුවන්නේ ගම හපයක් කරන්න. වෙනස් කරන්න ඕනේ නැද්ද මේ පාලනය.