Gossips

ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

ගම්පොළ මහනුවර ප්‍රධාන මාර්ගයේ බෝතලාපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද දහවල් සිදුවූ මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා ද ඇතුලුව දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ත්‍රී රෝද රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි හෙළිවී තිබෙනවා.
මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා.