Gossips

ජනපතිගේ ට්විටර් ගිණුමේ සටහනක් ගැන රහස් පොලීසිය පරික්ෂණ අරඹයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේම මාධ්‍ය අංශයේ අනුදැනුමකින් තොරව ට්විටර් හරහා ප්‍රතිචාරයක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නිල ට්විටර් ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බවට තවමත් සනාථ කළ නොහැකි බවයි.
8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේදී ජනාධිපතිවරයා සිදුකළ කථාවේ කොටසක් ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණේ ඔහුගේම නිල ට්විටර් ගිණුම හරහායි.
කෙසේ වෙතත් ඊට ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් ගිණුමෙන් හාත්පතිසන්ම වෙනස් ප්‍රතිචාරයක් දක්වා තිබූ අතර එය සුළු වේලාවකින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණා.
ඒ අනුව අනුදැනුමකින් තොරව පළවූ ට්විටර් ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.