Gossips

ඇල්ලේ ගුණවංශ හිමිගෙන් රජයට චෝදනාවක්

වත්මන් ආණ්ඩුව තරම් සොරකම් කළ ආණ්ඩුවක් තවත් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් උන්වහන්සේ හමුවීමට පැමිණි අවස්ථාවේදීයි.
ආබාධිත රණවිරුන්ගේ භාවිත කරමින් රාජ්‍ය නොවන සංවිධානයක් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කර ඇති බව කියන සිද්ධියක් පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැනුවත් කිරීම සදහා ආබාධිත රණවිරුවන් පිරිසක් අද උන්වහන්සේ හමුවිමට පැමිණියා.