Gossips

ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු

දැනට විදේශගතව සිටින ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර ශ්‍රී ලංකාවට පැමිණි පසු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විවෘත වරෙන්තුවක් නිකුත්කලා.
ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ.රුවන්පතිරණ මෙම වරෙන්තුව නිකුත් කලේ සැකකාර ව්‍යපාරිකයා පාතාල සමාජිකයන් හා සම්බන්ධතා පවත්වන බවට ගම්පහ පොලිසිය කළ කරුණු දැක්විිම සැලකිල්ලට ගනිමින්.
මීට පෙර අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිද ලබන 23වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කලා.