Gossips

මහතිර් මොහොමඩ් අගමැති සටනේ

වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ වුණා.
එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලොව වයස්ගතම පුද්ගලයා වනු ඇති.
කෙසේ වෙතත්, මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවට විචාරකයින් මත පළ කරනවා.
අද පැවැත්වෙන මහ මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 222 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඡන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 14 යි දශම 4ක්.