හෙට සහ අනිද්දා (10,11) යන දින දෙක තුල ඩෙංගු අවදානම වැඩි බවට හඳුනා ගත් ප්‍රදේශ කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මඩකලපුව දිස්ත්‍රික් තුල හඳුනාගත් වැඩි අවාදනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතයි.
මෙහිදී එම කණ්ඩායම් විසින් රාජ්‍ය ආයතන, පාසල්, වැඩබිම් හා පොදු ස්ථාන පරීක්ෂාවට ලක් කර එම ස්ථානවල හිමිකරුවන් සහ භාරකරුවන් දැනුවත් කරමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරනු ඇති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය කියාසිටියේ මෙම වසරේ ගතවූ කාලසීමාව තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 17500 ක් පමණ වාර්තා වී ඇති බවයි.
මෙම තත්වය අවම කර ගැනීම සහ නිරිතදිග මෝසම් වැසි සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වලක්වා ගැනීම හෙට සහ අනිද්දා සිදු කෙරෙන විශේෂ මදුරු මර්දන වැඩසටහනේ අරමුණයි.
මේ අතර ඕනෑම පරිශ්රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති බැවින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් ඒ පිළිබඳ සොයා බලා මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙසට ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.