Gossips

ඇල්පිටියේ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක්

ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ඇල්පිටිය පොලීසිය ඉදිරිපිට අද (09) පෙරවරුවේ පැවති උද්ඝෝෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මාර්ගය පිළිසකර කිරිම සඳහා පසුගිය වසරේ වෙන් කරන ලද මුදල් නිසි පරිදි භාවිතා කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරින්ට එහිදී චෝදනා කළේ.
මෙම විරෝධතාව අතරතුර එම ස්ථානයට ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාර ද පැමිණියා.
ඔහු විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් විමසීමකින් තොරව මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
ප්‍රාදේශීය ලේකම්වරයාට අදහස් දැක්වීමට විරෝධතාකරුවන් ඉඩ ලබා නොදුන් අතර, ඒ හේතුවෙන් ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වද්දී, ප්‍රදේශවාසීන් ඔහුට විරෝධය පළ කළා.