Gossips

කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී කේරළ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 125 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උදයාර්කට්ටු සිට මුලතිව් දෙසට ත්‍රිරෝද රථ දෙකකින් ඊයේ පස්වරුවේ මෙම ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදි පොලිසියට ලද තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් අවුරුදු 27 සහ 30 යන වයස්වල පසුවන වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා.