Gossips

දුම්රිය වර්ජනය ගැන අද තීන්දුවක්

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය අද (09) මධ්‍යහ්න 12 දක්වා කල් දැමූ බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඊයේ (08) පස්වරුවේ දුම්රිය වෘත්තීකයන්ගේ ගැටලු විසඳීමට පත්කළ අනුකමිටුවේ සභාපති, අමාත්‍ය සරත් අමුණුගම සමඟ සිදුකළ සාකච්ඡාවකදී දුම්රිය වර්ජනය අද මධ්‍යහ්න 12 දක්වා කල් දැමීමට තීරණය කළ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ.
මේ අතර, විදුලි ඉංජිනේරුවන් ඊයේ (08) පස්වරුවේ සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉල්ලීමක් කරනවා.
විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකෙරෙන අතර, මීට අදාළ මිශ්‍ර ජනන සැලැස්ම අද (09) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.