Gossips

Update – කටුනායක ගුවන්තොටුපලේ ගබඩාවක ඇති වූ ගින්නෙන් උපකරණ රැසකට හානි

කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත වෙළඳ සංකීර්ණයට අයත් ගබඩාවක අද (09) ඇති වූ ගින්නෙන් එහි තිබූ විදුලි උපකරණ රැසකට හානි සිදුව තිබෙනවා.
අලුයම 4 ට පමණ ඇති වූ ගින්න කටුනායක ගුවන්තොටුපල ගිනි නිවීමේ ඒකකයේ සහ ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් මුළු මනින්ම මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Update :- Wednesday, May 9, 2018 8.22 AM
—————————————————————-
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගබඩාවක අද (09) අලුයම හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
එහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අයත් ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා සිදුව නොමැති අතර ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකය සහ ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබෙනවා
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.