අනුරාධපුර විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භුමිය විනාශ කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම් එල්ලවනවා.
අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බැලූම්ගල පුරාවිද්‍යා ස්ථානය බැකෝ යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර ඇති බව අප පසුගිය දිනවල අනාවරණ කළා.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව ගම්මානයක් ඉදිකිරීම සඳහා මෙම භුමිය එලි පෙහෙලි කර ඇත්තේ පෞරාණික වටිනාකමින් යුතු පුරාවිද්‍යාත්මක ස්ථාන වලටද හානි සිදුකරමින්.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිිමියන් ඊයේ පස්වරුවේ අනුරාධපුර විජිතපුර ප්‍රදේශයේ පිහිටි එම පුරාවිද්‍යා ස්ථානය නීරික්ෂණය කිරිමට පැමිණියා.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්යක්ෂ පුජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන් අද අදාල පුරාවස්තු විනාශය පිලිබදව පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත පැමිණිල්ලක් සිදුකළා.
එසේම ඊට අදාළව පැමිණිලි කිරීමට ගිය සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල අතර කථාබහක්ද ඇතිවුණා. පසුව ඔවුන් පොලිස් මුලස්ථානය වෙතද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.