Gossips

හැටන් රිය අනතුරකින් එක් අයෙකුට බරපතළයි (ඡායාරූප)

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (08) සවස පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් කැබ් රථයේ රියදුරා බරපතල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
බස් රථයේ සහ කැබ් රථයේ අධික වේගය මේ අනතුරට හේතුව බවයි මුලික පොලිස් පරික්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
මේ දිනවල ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමගම මාර්ගය ලිස්සා යාමේ අවදානමක් පවතින බැවින් රියදුරන්ට පොලිසිය උපදෙස් ලබාදී තිබෙනවා.
අනතුරින් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
හැටන් පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප- රංජිත් රාජපක්ෂ )