Gossips

ඉන්දීය රුපියලත් කඩා වැටේ

ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද තවදුරටත් වාර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා.
ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ අගය අද සටහන් වූයේ රුපියල් 67.27 ක් ලෙසයි.
එය 2017 වසරේ පෙබරවාරි 8 වැනිදායින් පසු වාර්තාවූ අවම අගයයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ හේතුවෙන් ගෙවුම් ශේෂය ඉහළ යාමේ අවදානම මෙලෙස ඉන්දීය රුපියල අවප්‍රමාණවීමට හේතුව ලෙස සැළකෙනවා.
ඇමරිකානු බැඳුම්කර ඵලදාව ඉහළ යාමද ඊට තවත් හේතුවක්. ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා ඉල්ලූම ඉහළ යාමද ඉන්දීය රුපියල කඩාවැටීමට බලපා ඇති බව සඳහන්.