Gossips

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි

ඉදිරි පැය කිහිපය තුළ මධ්‍යම,සබරගමුව,ඌව සහ නැගෙනහිර ගාල්ල, මාතර, පොලොන්නරුව, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශ වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි.
අද සවස 4 පමණ වන විට රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි ලැබී තිබෙනවා.
මෙම වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.