Gossips

රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ ජනපති කතාකරයි

8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ඉදිරි ගමන් මග පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී ජනාධිපතිවරයා යහපාලන රජය විසින් පසුගිය කාලයේ සිදුකළ ව්‍යාපෘති පිළිබඳව පැහැදිළි කිරීමක් ද සිදුකළා.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ආදායම වැඩිකරගැනීම සහ ණය කළමනාකරණය සඳහා පැවති පාර්ලිමේන්තු සැසිවාරය තුළදී අණපනත් රැසක් සම්මත කරගැනීමට හැකිවූ බවයි.
එසේම උතුර සහ නැගෙනහිර පලාත්වල ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම්වලින් සියයට 85 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් හෙට (09) දහවල් එකවන තෙක් පාර්ලිමේන්තුව කල් තබන බව ප්‍රකාශයට පත් කළා.
පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වුණේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි.
මේ අතර පසුගියදා ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවා.