Gossips

වලස්මුල්ලේ සංචාරක නිකේතනයක සිදුකරගෙන ගිය රහසිගත ජාවාරම (ඡායාරූප)

සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අද (08) දින වටලා තිබෙනවා.
වැටලීමේදී එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
වලස්මුල්ල – පල්ලෙකන්ද මාර්ගයේ පිහිටි මෙම ස්ථානයේ කලක සිට කාන්තාවන් මුදලට අලෙවි කිරීම සිදුකර ඇති බව සඳහන්.
උපාය දූතයන් ලෙස පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු යොදවා රුපියල් දෙදහස බැගින් මුදල් ගෙවා කාන්තාවන් මිලට ගන්නා ලෙස අඟවමින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක් වන අතර අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් තිදෙනා 26,25 සහ 41 යන වයස් සීමාවල පසුවන්නියන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙවුන් තංගල්ල, කලවාන සහ පදියතලාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
වැටලීම සිදුකළ ස්ථානයේ කාමරවල තිබී උපත් පාලන උපකරණ 24ක්ද පොලිසි විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ලැබුණු තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – බෙලිඅත්ත, අනිෂා මානගේ