Gossips

ජනපතිගේ ප්‍රකාශයට පෙර 16යේ කණ්ඩායම විපක්ෂයට

නව පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනපතිවරයා විසින් සිදුකිරීම නියමිත විශේෂ ප්‍රකාශයට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අදාළ කණ්ඩායමට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීම සඳහා මේ වන විට ආසන වෙන් කර ඇති බවයි.
නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16යේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (08) අමරපුර මහ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ප්‍රධාන සංඝ සභාව හමුවුණා.
ඒ, ගල්කිස්ස – ධර්මපාලාරාම විහාරස්ථානයේදියි.
ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර තමන් විපක්ෂයේ අසුන් ගැනීම සිදුකරන බවයි.