Gossips

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට

ඉරානය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න වද්දී, ලෝක වෙළදපොළේ බොර තෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට එරෙහි නව සම්බාධක පැනවිය හැකි අතර, එමගින් ගෝලීය තෙල් සැපයුමට බාධාවක් එල්ල වනු ඇති.
එම තත්ත්වය හමුවේ ඇමරිකානු බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 ඉක්ම වූ අතර, එය වසර 03 හමාරකින් වාර්තා වන ඉහළම අගයයි.