Gossips

ප්‍රධාන පක්ෂවල මැයි දින රැළි ඇරඹේ

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මැයි දින රැළි මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට මඩකලපුව – චෙන්කලඩි – මාවඩිවෙම්බු ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ අතර, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ද මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙවර එම පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ ගාල්ලේ – සමනල ක්‍රීඩාංගණයේයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පා ගමන මේ වන විට කොළඹ – බී.ආර්.සී. පිටියට ළඟා වෙමින් තිබෙනවා.
බොරැල්ල – කැම්බල් පිටියෙන් අද පස්වරු 1ට පමණ ඔවුන්ගේ පා ගමන ආරම්භ වූයේ.