Gossips

පොහොට්ටුවේ මැයි රැළියේදී, යෝජනා රැසක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාල්ල – සමනල ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වුණා.
බදු බරට, බැඳුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහි වෙමු යන්න තේමා කර ගනිමිනුයි මෙම මැයි රැළිය ඔවුන් පැවැත්වූයේ.
රැළියට සමගාමීව මැයි දින පෙළපාලිය පස්වරු 1.30ට ගාල්ල – මහමෝදර – පාලම අසළින් ආරම්භ වුණා.
මැයි දින රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්වුණේ පස්වරු 5ට පමණයි.
වංචනික මහබැංකු බැඳුම්කරයට සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වලින් ගෙවන ලද මුදල් වහාම එම අරමුදලට ලබාදීම, ඉන්දියාව සමඟ එළඹීමට නියමිත එට්කා ගිවිසුම සහ සිංගප්පූරුව සමඟ අත්සන් කොට ඇති නිදහස් වෙළඳ ගිවිසුම් නතර කිරීම, බැඳුම්කර වංචාවේ මහ ධනස්කන්ධය නැවත රටට අය කර දීම ඇතුළු යෝජනා රැසක් මෙම මැයි රැළියේදී සම්මත කර ගනු ලැබුවා.