Gossips

කම්කරු දිනය සැබෑ කම්කරුවාගේද ?

ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දිනය මෙරට ස්ථාන ගණනාවකදී අද උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා.
වැඩකරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පැවැති මැයි දින සැමරුම් සැබෑ ලෙසම වැඩ කරන ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ද යන්න මේ දර්ශනවලින් ප්‍රශ්න කෙරෙනවා.
දේශපාලන පක්ෂ රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව ගෙන්වා ගනිමින් තම තමන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට මහත් වෙහෙසක් දරද්දී අදත් වැඩ කරන පිරිසක් අප කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්.
මැයි දිනය සමරන අද කිසිදු වෙනසක් නොමැතිව ඔවුන් තම දෛනික රාජකාරීවල නිරතව සිටින අයුරු අපට දක්නට ලැබුණා.