පාසල් දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත එක් දරු පියෙකු අත්අඩංගුවට ගත් බව දික්‌වැල්ල පොලිසිය පවසනවා.
දැරියගේ පියාගේ සහෝදරයකු වන 31 හැවිරිදි සැකකරු දැරිය පාසල් යාමට මාර්ගයට පැමිණි අවස්‌ථාවේ ඇය රවටා යතුරුපැදියේ නංවාගෙන ගොස් තිබෙනවා.
පසුව අතර මඟදී දැරියගේ පාසල් නිල ඇඳුම් ඉවත්කර ඔහු විසින් නිවසින් රැගෙන එන ලද බිරිඳගේ ඇඳුමක් අන්ඳවා දුම්රිය උමගක් අසල ලඳු කැලෑවකට දැරිය කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 13 යි මාස 9 ක් වූ පාසල් දැරියක් බවයි වාර්තාවන්නේ.
දැරියගේ මවට ඇය පාසල් නොගිය බවට ආරංචි වී පාසලට ගොස් ඒ පිළිබඳව විමසා ඇති අතර පසුව අසල ආයතනයක සී.සී.ටී.වී. දර්ශන පරීක්‌ෂා කිරීමේදී සැකකරු විසින් දැරිය රැගෙන ගිය බව අනාවරණය කරගෙන තිබෙනවා.
අනතුරුව සැකකරු නැවත පැමිණෙන විට යළිත් දැරියට නිල ඇඳුම් අන්දවා තිබී ඇති අතර හැඳ සිටි ඇඳුම් ලඳු කැලෑවට විසිකර තිබියදී පොලිසියට හමුවී තිබෙන බවත් වාර්තාවනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 05වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.