Gossips

ජනාධිපතිවරණයේ නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනපතිමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මොණරාගල – හුළන්දාව මංසන්ධියේ ඊයේ (06) පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන් අද (07) පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැළියට සහභාගි නොවනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.