Gossips

කෙසෙල්වත්තේදී සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදාන – සෙක්කුවත්ත මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පෙබරවාරි 16 වනදා අදාළ වෙඩි තැබීම සිදුවූ අතර, එහිදී ඝාතනයට ලක්වුණේ මේ වනවිට විදේශගතව සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ සමීපතමයෙකු වන මොහොමඞ් රිස්ඛාන් නැමැත්තායි.
වෙඩි තැබීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් ඊට සම්බන්ධ සැකකරුට පහරදී ඝාතනය කර තිබුණා.
ඔහු නිරෝෂන් කුමාර නැමති 25 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.