Gossips

මුම්බායි ඉදිරියේ කොල්කටාවට දරුණු පරාජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (06) පැවති තරඟයකින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 13කින් පරාජය කරමින්.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 181ක් රැස්කළා.
එහිදී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් එහි ආරම්භක පිතිකරු සූරියකුමාර් යාදෙව් ලකුණු 59ක් රැස් කළේ පන්දු 39කට මුහුණ දෙමින්.
ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් වුණා.
ඉවන් ලුවිස් ලකුණු 43ක් රැස් කිරීමට සමත්වූ අතර හර්දික් පාණ්ඩයා නොදැවී ලකුණු 35ක් රැස් කරමින් මුම්බායි ඉන්ම ශක්තිමත් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 168ක් පමණයි.
රොබින් උත්තප්පා ලකුණු 54ක් රැස් කළ අතර කොල්කටා නායක දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 36ක් රැස් කළ අතර කොල්කටා ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වුයේ නැහැ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තාගත මෙම ජයග්‍රහණත් සමඟ ඊළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම අතර පවතින තරඟය තවත් තියුණුවී තිබෙනවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrnrnrnrnrn