Gossips

කොළොන්න වෙළඳසැලක ගින්නකින් හිමිකරුට තුවාල – වාහන දෙකකට හානි

රත්නපුර – කොලොන්න – සුරිය කන්ද මාර්ගයේ බුලූතොට මංසන්ධියේ නිමි ඇදුම් වෙළදසැලක ඊයේ රාත්‍රීයේ හදිසි ගින්නක් ඇතිවුණා.
ගින්නත් සමඟ පිපිරීමක්ද සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධියෙන් වෙළඳසැලේ හිමිකරු තුවාල ලබා සූරියකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෙළඳසැල ඉදිරිපිට නවතා තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට ගින්නෙන් අලාභ හානි සිදුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.