Politics Sri Lanka

බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලයෙක් මුණගැසුනා

බැසිල් රාජපක්ෂ එජාප ප්‍රබලයෙක් මුණගැසුනා

බැසිල් රාජපක්ස මහතා පසුගියදා බොරැල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක නිරතවූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

එමෙන්ම මහින්ද පිල නියෝජනට කරන ප්‍රසන්න රණතුංග මහතාද එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධ සියළුම තොරතුරු තමන් සතුව ඇති බවත් එය අභියෝගයට ලක් කරන්නේනම් එම තොරතුරු හෙළි කරන බවත් මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.