Gossips

න්‍යෂ්ටික අවි හරනය, අමරිකානු සම්බාධක නිසා නොවේ – උතුරු කොරියාව

තම රට කොරියානු අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ පියවරකට මුල පිරුවේ ඇමරිකානු සම්බාධක නිසා නොවන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා.
එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඇමරිකාව මහජන මතය නොමඟ යැවීමට කටයුතු කරන බවයි.
එවැනි පියවරවලින් උතුරු කොරියාව ප්‍රකෝප නොකරන ලෙසද උතුරු කොරියාව ඉල්ලීමක් කළා.
එරට නායක කිම් ජොං අන් ඓතිහාසික චාරිකාවක් ලෙස පසුගියදා දකුණු කොරියාවට ගොස් ප්‍රකාශ කළේ කලාපයේ න්‍යෂ්ටික අවියෙන් තුරන් කිරීම සඳහා තම රට කැපවන බවයි.
එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවක්ද නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.