Gossips

කොට්ටාවේ කාන්තා ඝාතන සිද්ධියකට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී කාන්තාවකට වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා සිදුවූ මෙම ඝාතනයට අදාළව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි මෙම සැකකරුවන් තුන්දෙනා සහ අපරාධය සඳහා භාවිතා කළ වෑන් රථය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් 33, 35,37 වයස්වල පසුවන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.