Gossips

නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙක් මියයයි (ඡායාරූප)

ගසක් සමග පස් කන්දක් නිවසකට කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.
ඊයේ රාත්‍රී 8.30 ට පමණ පැවති දැඩි වර්ෂාවත් සමග නිවසට ඉහළින් තිබු විශාල ගසක් පස් කන්දක් සමග පැමිණ නිවසේ විසිත්ත කාමරය යටවී ඇතැයි සඳහන්.
එම ස්ථානයේ සිටි මෙම තරුණයා සහ ඔහුගේ සොයුරා පස් කන්දට යටවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබෙනවා.
ඔවුන් නාවලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී 20 හැවිරිදි තරුණයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම තරුණයාගේ සොයුරා ද සුලු තුවාල ලබා තිබෙනවා.
ගස කඩා වැටෙන අවස්ථාවේ නිවසේ අනෙක් සාමාජිකයන් වෙනත් කාමරවල සිටීම හේතුවෙන් ඔවුන්ට අනතුරක් සිදුව නැහැ.
තුවාල ලැබු සොයුරා ප්‍රකාශකර ඇත්තේ තමන් රූපවාහිනී නරඹමින් සිටියදී එකවරම විශාල ශබ්දයක් සමග ගස සහ පස් කන්ද කඩා වැටුනු බවයි.
අනතුරින් අදාළ නිවසේ විසිත්ත කාමරයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.


ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ