Gossips

නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී අයුරින් ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන් මාතර ප්‍රදේශයේ සිට අදාළ ලොරි රථය ලූහුුබැඳ ගොස් ඇති අතර, වැලිගම දුම්රියපල අසළදී ලොරි රථය පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී ලොරි රථයේ ගවයින් 12 දෙනෙකු සිට ඇති අතර, සිදුවූ අනතුරෙන් ගවයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හක්මන – මීඇළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.