Gossips

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 38000 ක් කොල්ලකා පළාගොස් තිබෙනවා.
අද අලුයම 12.15 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරුවන් ඉන්ධන පිරවුම්හලේ සේවයේ නිරතව සිටි සේවකයන් දෙදෙනාට අවි පෙන්වා තර්ජනය කර කොල්ලකෑම සිදුකර පළාගොස් තිබෙනවා.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල වරාය පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.