Gossips

එජාපය අද මැයි දිනය සමරයි – පසුපෙළ පිරිසක් මග හරී

‘‘පරිණත නායකත්වයට නව ජවයක්’’ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.
ඒ එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
කෙසේ වෙතත්, අද පැවැත්වෙන මැයි දින සැමරුම සදහා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහභාගි නොවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේ තමන් ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් හැකියාවක් ලැබුණහොත් පමණක් අද පැවැත්වෙන මැයි දින සැමරුමට සහභාගි වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද කියා සිටියේ තමන් තදබල අසනීප තත්ත්වයකින් පසුවන බවයි.
එසේම, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ ඊයේ මාතලේදී මාධ්‍ය හමුවක් කැදවමින් පක්ෂයේ ඇති වී තිබෙන අර්බුද හේතුවෙන් තමන් අද පැවැත්වෙන මැයිදින සැමරුමට සහභාගි නොවන බව සදහන් කළා.
අද පැවැත්වෙන මැයිදින සැමරුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මැයි දිනය සාර්ථක කරගැනීම සඳහා සියලූදෙනාගේම සහය ලැබී ඇති බවයි.