Politics Sri Lanka

එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි

එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි

මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නමින් ජාතික හැදුනුම්පත් අංක 621753762 v යටතේ මෙම අපේක්ෂකයා ඉදිරිපත්වී ඇත.

කෙසේ වෙතත් ඉහතින් සදහන් කළ හැදුනුම්පත් අංකය යටතේ කඩුකාර මුදියන්සේලගේ පුංචි බණ්ඩා නමින් පුද්ගලයෙකු නොමැති අතර ඉහත ලිපිනයට අදාලව පදිංචිව ඇත්තේ කඩුකාර මුදියන්සේලාගේ පියල් බණ්ඩාර දසනායක නමැති අයෙකි.

ඉහත සදහන් පියල් බණ්ඩාර යන අය තමා මැතිවරණයට ඉදිරිපත්ව ඇති බව පවසමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ.

චන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීම මැතිවරණ නිතිය අනුව වරද ක් බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 169 (ඈ) වගන්තියේ පැහැදිලිව ඒ බව දක්වා ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කර ඇති පැමිණිලේලේ සඳහන් වේ.