Gossips

උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට බස්නාහිර සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුලු පද්ධති වර්ධනය වී ඇති බවයි.
මෙය ඉදිරි දින කිහිපය තුලදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
මේ හේතුවෙන් කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට ද වැඩි හැකියාවක් පවතිනවා.
මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.