Gossips

ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග අනුරාධපුරයේ ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර, කුරුන්දන්කුලම, මාතලේ හන්දියට නුදුරින් පිහිටි සැකකරුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 60 ක් ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 42 හැවිරිදි සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ කොළඹ හා දඹුල්ලේ සිට නාදුනන කාන්තාවක විසින් වරින් වර තොග වශයෙන් තමාට මත්කුඩු ගෙනවිත් දෙන බවයි.
තමන් පසුව එම මත්කුඩු සිල්ලරට විකුණන බව ද සැකකරු සදහන් කර තිබෙනවා.