Gossips

දියේ ගිලීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට

අකුරැස්ස – අතුරලිය – කිතනාවල වැවේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (04) මෙම සිසුවා මිතුරන් කිහිප දෙනෙකු සමඟ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
පසුව ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සිසුවාගේ සිරුර සොයා ගනු ලැබුවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි අතුරලිය මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.