Gossips

අධිවේගී මාර්ගයේ මුදල් ප්‍රවාහනය කළ ට්‍රක් රථයේ දොර විවෘත වී ලක්ෂයක් සුළඟේ ගිය හැටි

අධිවේගී මාර්ගයක ගමන්කළ ට්‍රක් රථයක පසුපස දොර එක්වරම විවෘත වීම හේතුවෙන් එහි තිබූ මුදල් නෝට්ටු තොගයක් මහමගට වැටුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකින්.
මෙලෙස හදිසියේ දොරටු විවෘත වී ඇත්තේ ඇමරිකානු සමාගමක මුදල් ප්‍රවාහනය කරමින් සිටි ට්‍රක් රථයක පසුපස දොරටුවයි.
එම අවස්ථාවේ ට්‍රක් රථයේ තිබූ මුදල් නෝට්ටු අතරින් ඩොලර් ලක්ෂ 6 කට අධික නෝට්ටු සංඛ්‍යාවක් මහමග වැටී ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් කඩිනමින් එම ස්ථානයට පැමිණි පොලිසිය අදාළ සමාගම් නිලධාරීන්ට වැටුණු මුදල් එක්රැස් කිරීමට සහය ලබාදී තිබෙනවා.
එම අවස්ථාවේ අධිවේගී මාර්ගයේ ගමන්කළ වෙනත් පුද්ගලයන් විසින්ද බිම වැටී තිබූ නෝට්ටු රැගෙනගොස් ඇති බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.
එහිදී පොලිසිය විසින් නිවේදනය කර ඇත්තේ මෙලෙස බිම වැටී තිබූ මුදල් රැගෙන ගිය පුද්ගලයන්ට එරහිව අධිකරණ ක්‍රියාමර්ග ගන්නා බවයි.