Gossips

හවායි ගිනි කන්දේ පිපිරුම් තවදුරටත්

පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකාවට අයත් හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලෝඒයා ගිනි කන්ද තවදුරටත් පිපිරීම්වලට ලක් වන බව වාර්තා වනවා.
එහි කඳු මුදුනෙන් අඩි 100ක් පමණ ඉහළට ලාවා විසිරෙන අතර, ලාවා ගලා ඒමෙන් නිවාස රැසක්ම විනාශ වී ඇති බව සඳහන්.
ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ ගිනි කන්දේ ගිනිකොණ දෙසින් රික්ටර් පරිමාණයේ 6.9ක කම්පනයක් ද වාර්තා වී ඇති බවයි.
ගිනි කන්ද පිපිරීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ඉවත් කර ගැනුණු අතර, අවදානම් ප්‍රදේශවලින් එලෙස ජනයා ඉවත් කර ගැනීම තවදුරටත් සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.