ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට වාමාංශික දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.
කොළඹ ඊයේ (04) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඊයේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති ධුරය සඳහා නම් කිරීමට තමාට වඩා සුදුස්සන් සිටින බවයි.