Gossips

ආරක්ෂක අංශ මුල්ලිවයික්කාල් හාරයි (ඡායාරූප)

එල්ටීටීඊ සංවිධානය අවසන් යුධ සමයේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත අද(06) මුලතිව් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයිකාල්,නැගෙනහිර ප්‍රදේශයේ කැනීම් සිදුකර තිබෙනවා.
මුලතිව් ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත මුලතිව් පොලිසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැනීම් සිදු කරනු ලැබුවා.
පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නොලැබුණ බවයි සඳහන් වන්නේ.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර‍දේශයේ හා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණා.
කැනීම් වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්, මුලතිව් පොලිස් නිළධාරීන්, මුලතිව් නාවික හමුදා නිළධාරීන්, මුලතිව් යුධ හමුදා නිළධාරීන්ද එක්ව සිටියා.