Gossips

උතුරු කොරියාව, වෙලාව වෙනස් කරයි

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්සත් කිරීමේ පළමු පියවර ලෙස සැලකිය හැකි ක්‍රියාමාර්ගයකට උතුරු කොරියාව ඊයේ එළඹුණා.
ඒ, දෙරටේ වේලාවන් සමාන කිරීමෙන්.
උතුරු කොරියානු වේලාව මෙතෙක් පැවතුණේ දකුණු කොරියාවේ සහ ජපානයේ වේලාවට වඩා පැය භාගයක් පිටුපසින්.
එහෙත් ඊයේ විසිතුනයි, තිහ පැයට උතුරු කොරියානු වේලාව මැදියම් රැය ලෙස සලකා වේලාව වෙනස් කර තිබෙනවා.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා කිරීම සඳහා දිනයක් නියම කරගෙන ඇති බවයි.
දිනයක් මෙන්ම ඒ සඳහා ස්ථානයක් ද පවතින අතර එම තොරතුරු නුදුරේදී ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා.
ධවල මන්දිරය ආලින්දයේදී මාධ්‍යවේදීන් හමුවෙමින් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ තමා අතිශය සුබවාදී ප්‍රතිඵලයක් අපේක්ෂා කරන බවයි.
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද ලබන 22 වන දා ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවනු ඇති.
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, පසුගිය අප්‍රේල් 27 වන දා දේශසීමාව තරණය කොට දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව දෙරට අතර සබදතා ශක්තිමත් වෙමින් පවතිනවා.