Gossips

ලක්ෂ 180ක මැණික් කොල්ල කෑ තිදෙනෙක් පොලිස් දැලේ

ලක්ෂ 180ක් වටිනා මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු බේරුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 07 වන දා මොවුන් බේරුවල – සපුගොඩ – පන්සල මාර්ගයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකුට ගිනි අවි පෙන්වා, බිය ගන්වා මැණික් තොගයක් කොල්ල කා පළා ගොස් තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් 24, 31 සහ 35 යන වයස්වල පසුවන්නන් වන බව සඳහන්.
සැකකරුවන් අද (05) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.